Home » අමෙරිකාවේ ප්‍රාන්ත දෙකකට දරුණු ටොනේඩෝ තත්ත්වයක්

අමෙරිකාවේ ප්‍රාන්ත දෙකකට දරුණු ටොනේඩෝ තත්ත්වයක්

-26ක් මරුට

by sachintha
May 19, 2025 1:14 am 0 comment

අමෙරිකාවේ කෙන්ටාකි හා මිසෝරි ප්‍රාන්ත හරහා හමාගිය දරුණු ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 26 දෙනකුට ජීවිත අහිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සති අන්තයේ සිදුවූ මේ අනතුරින් තවත් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. ටොනේඩෝ හා සුළිකුණාටු තත්ත්වය තවදුරටත් පැතිරෙන බැවින් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි ද වාර්තා පළ වී තිබේ. ටොනේඩෝ බලපෑම් හේතුවෙන් ගොඩනැඟිලි පන්දහසක් පමණ විනාශ වී ඇතැයි ද, බොහෝ නිවාසවල වහල හා විදුලි රැහන් කඩා වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පෙරේදා වන විට කෙන්ටාකි හා මිසෝරි ප්‍රාන්තවල ලක්ෂ දෙකකට ආසන්න නිවැසියන්ට විදුලි සැපයුම බිඳ වැටී ඇති අතර, එම ප්‍රාන්තවල ගිනි නිවන ඒකක හා ආපදා කළමනාකරණ කණ්ඩායම් ටොනේඩෝවෙන් අවතැන්වූ ජනතාව මුදා ගනිමින් සිටින බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවා ඇති බවත්, සුන්බුන් අතර සිරවූවන් සෙවීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT