Home » අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට පිළිකාවක්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට පිළිකාවක්

by chanaka
May 19, 2025 10:54 am 0 comment

අමෙරිකා හිටපු ජනපති ජෝ බයිඩන් දරුණු ගණයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙලෙන බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර ඇත.

හිටපු අමෙරිකා ජනපති ජෝ බයිඩන් මේ වනවිට 82 වන වියේ පසුවනවා.

පසුගිය සතියේ මූත්‍රා පද්ධතියේ ලක්ෂණ සහ පුරස්ථි ග්රන්ථි ග්‍රන්ථියේ ගැටිත්තක් සොයාගැනීමෙන් පසු බයිඩන් වෛද්‍යවරුන් විසින් පරීක්ෂාවට ලක් කරන ලදී. සිකුරාදා ඔහුට පිළිකා සෛල ඇටකටු දක්වා පැතිර ඇති පුරස්ථි ග්රන්ථි පිළිකාවක් ඇති බව රෝග විනිශ්චය කෙරිණි.

පසුගිය ජනවාරි මාසයේ ධුරයෙන් ඉවත් වූ බයිඩන් මුත්‍රා ආසාදනයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍යවරයෙකු හමුවීමෙන් පසුව මේ බව අනාවරණය වී ඇත.

බයිඩන් හිටපු ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සමාලෝචනය කරමින් සිටින බව පැවසේ.

ඔහුගේ කාර්යාලය තවදුරටත් පැවසුවේ පිළිකා තත්ත්වය කළමනාකරණය කර ගත හැකි බවයි.

මේ අතර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ජෝ බයිඩන්ගේ මෑත කාලීන රෝග තත්ත්වය ගැන අසා කණගාටු වන බව පවසා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT