මුදල් ආරවුලක් මුල්කරගෙන 09 මස් වියැති ගැබිණියක් වූ සිය බිරිදගේ ගෙල සිරකර ඝාතනයකර සිය දිවි හානිකර ගැනීමක් ලෙස පෙන්වීම සදහා ඇගේ සිරුර නිවසේ බාල්කයක එල්ලූ සැමියෙක් දෙනියාය පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.
මෙසේ ඝාතනය වී ඇත්තේ ආර්ත ඉෂාන්ති නැමැති 24 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි. ඇගේ සැමියා ජේ.ඒ.
කුමාර් නැමැති 28 හැවිරිදි වියේ පසුවන්නෙකි. දෙදෙනා නීතියෙන් විවාහ නොවි එකම නිවසක ජීවත්ව ඇති බව
පොලිසිය සදහන් කළේය. දෙදෙනාම පෙර විවහායන් කරගෙන සිටින්නන් බවත් සැමියාගේ පෙර විවහායේ
07 හැවිරිදි දරුවා සිට ඇත්තේද මෙම නිවසේ බවත් පොලිසිය සඳහන් කළේය.
මෙම අපරාධය සිදුව ඇත්තේ ඔවුන් දෙදෙනා ජීවත්වූ දෙනියාය විහාරහේන එනසල් වත්තේ නිවස තුළදී
පෙරේදා (17) සවස් කාලයේදී බව පොලිසිය සඳහන් කරයි. දෙදෙනා අතර ඇතිවූ මුදල් ආරවුල දිග්ගැස්සී ගැබිණි බිරිඳගේ ගෙල රෙද්දකින් සිරකර ඝාතනයකර ඇති සැමියා පසුව ඇයගේ සිරුර නිවසේ බාල්කයක එල්ලා ඇති බව පොලිසිය සඳහන් කළේය. අනතුරුව සැමියා නිවසින් පිටව ගොස් නිවසට පැමිණ සිය බිරිඳ
එල්ලී සියදිවි හානිකරගෙන ඇතැයි අසල්වාසීන්ට පවසා කිසිවක් නොදත් අයෙක් ලෙස හඩා වැලපී ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙම කාන්තාව දරු ප්‍රසූතියට රෝහල්ගතවීමට නියමිතව සිට ඇත්තේ ඊයේ දිනයේදීය. ඇය පෙරේදා දින සායනයටද සහභාගිවීමට රෝහලට ගොස් ඇති බවද අනාවරණය වි තිබේ.