Home » ප්‍රධාන මූල්‍ය ආයතනයක කළමනාකරුවෙක් සහ ව්‍යාපාරිකයෙක් පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට

ප්‍රධාන මූල්‍ය ආයතනයක කළමනාකරුවෙක් සහ ව්‍යාපාරිකයෙක් පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට

by chanaka
May 19, 2025 11:30 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

මෙරට ප්‍රධාන මූල්‍ය ආයතනයක කුරුණෑගල ශාඛාවේ කළමනාකරු සහ ව්‍යාපාරිකයෙක් පිස්තෝලයක් සමග යටවත්ත පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යපාරිකයා නාරම්මල පදිංචි 44 හැවිරිදි වියේ පසුවන්නෙකි. මූල්‍ය ආයතනයේ කළමනාකරු කුරුණෑගල අස්වැද්දුමේ පදිංචිව සිටින්නෙක් බව පොලිසිය සදහන් කරයි. ඔහු 39 හැවිරිදි වියේ පසුවන්නෙකි.

මොවුන් දෙදෙනා ලැන්ඩ්රෝවර් ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථයකින් මාතලේ කුරුණෑගල මාර්ගයේ ගමන් කරමින් සිටියද ජිප් රථය අහඹු පරීක්ෂාවකට ලක්ව ඇත. එහිදි ජිප් රථයේ පෙට්ටියක් තුළ සගවා තිබී ජර්මනියේ නිෂ්පාදිත පිස්තෝලය හමුවි තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT