ලෝක තැලිසීමියා දිනයට (මැයි 08) සමගාමීව නාවික හමුදා සාමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරන ලද තැලිසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400ක් රෝගීන් වෙත නොමිලේ බෙදා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම නාවික හමුදාපති කංචන බානගොඩ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී පසුගියදා (16) සිදු කෙරිණි.
තැලිසීමියා රෝගීන් වෙත ප්‍රතිකාර කිරීම සඳහා අඛණ්ඩව රුධිර පාරවිලයනය සිදු කිරීමේදී ශරීරයේ තැන්පත් වන අධික යකඩ ප්‍රමාණය ඉවත් කිරීමට අවශ්‍ය ඖෂධ එන්නත් කිරීම වෙනුවෙන් තැලිසීමියා නික්ෂේපණ යන්ත්‍ර භාවිත කරයි.
ඒ අනුව වෙළෙඳපොළේ ඉහළ මිලක් වන මේ තැලිසීමියා නික්ෂේපණ යන්ත්‍ර ඉතා අඩු පිරිවැයක් යටතේ නියමිත ප්‍රමිතියෙන් යුතුව දේශීයව නිපදවා රෝගීන්ට නොමිලේ බෙදා දීමේ අරමුණින් නාවික හමුදා සාමාජීය වගකීම් අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, සාමාජීය මෙහෙවරක් ලෙස තැලිසීමියා නික්ෂේපණ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය නාවික හමුදාව විසින් 2011දී ආරම්භ කෙරිණි.
තැලිසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400ත් සමඟ නාවික හමුදාව මේ වනවිට තැලිසීමියා නික්ෂේපණ යන්ත්‍ර 3564ක් රෝගීන් වෙත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.
නාවික හමුදාව මේ සාමාජීය මෙහෙවරෙහි අඛණ්ඩව වසර 14ක් නිරත වන බැවින් එවැනි යන්ත්‍ර ආනයනය වෙනුවෙන් වැය වන විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරි කර දීමට ද අඛණ්ඩව දායක වෙයි.
රක්ෂණ ශ්‍රියන්ත