Home » විශ්‍රාමලත් දුම්රිය නියාමක සංඥා කුලුනක නැඟ විරෝධයපායි

විශ්‍රාමලත් දුම්රිය නියාමක සංඥා කුලුනක නැඟ විරෝධයපායි

by sachintha
May 19, 2025 1:27 am 0 comment

ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් විශ්‍රාමලත් දුම්රිය නියාමකවරයකු මරදාන දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පිහිටි සංඥා කුලුනක නැඟ ඊයේ (18) දහවල් කාලයේදී පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවක නිරත විය.

විශ්‍රාම යෑමට ආසන්න කාලයේදී තම ශ්‍රේණිගත කිරීම් ඉහළ යෑමට තිබුණද එය වෙනස් කිරීමකින් තොරව විශ්‍රාම යැවීමෙන් තමන්ට අසාධාරණයක් වූ බව කියමින් ඔහු මේ විරෝධතාව ක්‍රියාත්මක කර තිබේ.

එය වෙනස් කිරීමකින් තොරව වසර 11ක් යනතුරුද වැටුප් වර්ධකයක් පමණක් ලබා දෙමින් අදාළ බලධාරීන් කටයුතු කර ඇති බවත් තම ඉල්ලීම පිළිබඳව මේ වන තෙක් අවධානය යොමු නොකිරීම නිසා මෙසේ විරෝධතාවක් ක්‍රියාත්මක කළ බවද හෙතෙම කීවේය.

ඔහු සංඥා කණුවෙන් බස්සවා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය, මරදාන පොලීසිය හා එක්ව කටයුතු කරන ලද්දේ ඔහුගේ ඉල්ලීම්වලට නිසි පිළියම් ලබාදීමේ එකඟතාව මතය.

උදාරා පාරමී, නිපුනි ශාරදා

ඡායාරූපය- ශාන් රූපස්සර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT