Home » මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්
නව යෝජිත විදුලි ගාස්තුව:

මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

by sachintha
May 19, 2025 2:46 am 0 comment

 

නව යෝජිත විදුලි ගාස්තුව 2025 වසරේ ජනවාරි මස තිබූ විදුලි ගාස්තුවට වඩා අඩු එකක් වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. යෝජිත සංශෝධනයට අනුව නව විදුලි ගාස්තුව මෙම වසර මුල දී පැවැති විදුලි ගාස්තුවට වඩා දළ වශයෙන් 5.4%ක් අඩු බව ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කරයි. මෙයට හේතුව වන්නේ 2025 වසරේ මුල භාගයේ දී ලංවිම විසින් විදුලි පාරිභෝගිකයන්ට සහනයක් වශයෙන් 20%ක විදුලි ගාස්තු පහත හෙළීමක් සිදු කිරීම ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, විදුලි ඒකකයක සාමාන්‍යය විකුණුම් මිල රුපියල් 24ක් දක්වා පහත වැටිණි. නව ගාස්තු සංශෝධන යෝජනාව, මෙම පහත හෙළන ලද විදුලි ගාස්තු යටතේ 2025 වසරේ මුල් භාගයේදී ලංවිම ලැබූ අව-ප්‍රලාභය අඩ වශයෙන් පමණක් නිවැරදි කිරීමකි.

එබැවින් නව යෝජිත ගාස්තුව 2025 වසරේ ජනවාරි මස තිබූ විදුලි ගාස්තුවට වඩා අඩු එකක් වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT