Home » ජාතික ඩෙංගු මර්දන සතිය අදින් ඇරඹේ

ජාතික ඩෙංගු මර්දන සතිය අදින් ඇරඹේ

by sachintha
May 19, 2025 1:50 am 0 comment

ජාතික ඩෙංගු මදුරු මර්දන සතිය අදින් (19) ආරම්භ කෙරේ.

අද (19) සිට 24 වැනිදා දක්වා වූ සතිය මදුරු මර්දන විශේෂ සතියක් ලෙස ප්‍රකාශනයට පත් කර ඇති බවත් මේ මාසයේ ගත වූ දින 17 තුළ දී ඩෙංගු ආසාදිතයන් 3245ක් වාර්තා වූ බවත් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ÒදිනමිණÓට ඊයේ (18) පැවැසීය.

නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමඟ ඉදිරි කාලයේදී තවදුරටත් ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඩෙංගු ආසාදිතයන් 20,791 මේ දක්වා වාර්තා වී ඇති අතර මරණ 10ක් සිදුව ඇතැයි ද ඒ මහතා කීය.

රට පුරා අවදානම් දිස්ත්‍රික්ක 15ක අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 95ක් ඉලක්ක කරමින් මේ සතිය තුළ දී මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසුවේය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසිය, ජනතාව යනා දී සියලුදෙනා එක්ව මෙම මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසුවේය.

තමා ජීවත් වන අවට පරිසරය මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පිරිසිදුව පවත්වා ගන්නේ නම් ඩෙංගු, චිකුන්ගුන්යා ආසාදිතයන්ගේ වාර්තා වීම අවම කර ගත හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT