Home » ජාතික රණවිරු සැමරුමට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්

ජාතික රණවිරු සැමරුමට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්

by sachintha
May 19, 2025 12:57 am 0 comment

අද (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.

බත්තරමුල්ල පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකයේදී අද පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවට සමගාමීව බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එම රථවාහන සැලැස්ම පහත පරිදි ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මාර්ග වසා තැබීමක් සිදු නොකරන අතර, රණවිරු උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවක් සිදු වුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියන් යෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන කොළඹින් පිටවීම හා කොළඹට ඇතුළු වීම සීමා කරනු ලැබේ.

එබැවින් විකල්ප මාර්ග වන්නේ,කොළඹින් පිටවන වාහන සඳහා පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පාලම් තුන හන්දියෙන් කියන් යෑම් හන්දිය දක්වා ගමන් කළ හැකිය.

කොළඹට ඇතුළුවන වාහන සඳහා කියන් යෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ගමන් කළ හැකි බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT