Home » ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා අහිමි වෙලා

ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා අහිමි වෙලා

-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
May 19, 2025 1:33 am 0 comment

මේ රජය යටතේ, ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා අහිමිවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද වනවිට රටේ ජනතාවට ජීවත් විය නොහැකි බවත් ජන ජීවිත කඩාවැටී ජීවනෝපාය අහිමිවී උද්ධමනය වැඩිවී බඩු මිල වැඩිවී ඇති බවත් හාල්, පොල්, කිරිපිටි මිල පවා ඉහළ ගොස් ඇති මොහොතක ලුණු ටිකවත් දීගන්න මේ රජයට බැරි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ‘ගමින් ගමට නගරයෙන් නගරයට උදාගමින් උදාගමට’ වැඩසටහන යටතේ මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ පෙරේදා (17) පැවති ජන හමුවකදී ය.

එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.

“IMF කොන්දේසි යැයි පවසා විදුලි බිල ළඟදීම වැඩි කරනවා. රජය එකඟ වූ IMF කොන්දේසි අනුව එය කළත් වත්මන් ජනාධිපතිවරයා සහ රජය බිහි වූයේ IMF ගිවිසුම සංශෝධනය කරනවා කියලා. එසේ තිබියදී මේ ගිවිසුම ම අනුගමනය කිරීමෙන් ජනතාවගේ කරපිට අධික බරක් පැටවෙනවා.

ආණ්ඩුවට ජනතා ගැටලුවලට විසඳුම් දෙන්න හැකියාවක් ලැබී නැහැ. අතට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුවී බඩු මිල වැඩි වෙලා. වැඩ බැරි ආණ්ඩුවට මේවට විසඳුම් නැහැ. මෙවැනි තත්ත්වයක් උඩ වගකිව යුතු විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පළාත් පාලන ආයතනවල බලය විපක්ෂය ගනු ඇතැයි සිතූ ආණ්ඩුව දැන් තර්ජනය කරමින් විපක්ෂයේ සභා මාස 3-4ට සීමා කරන බවට පවසනවා.

රජය එසේ තර්ජනය කළත් හැකි සෑම අවස්ථාවකම ජනතාව විපක්ෂයට වැඩි බලයක් ලබාදුන් තැන්වල බලය පිහිටුවන්න අපි කටයුතු කරනවා. ජනතාව ශක්තිමත් කරවන සංවර්ධන යුගයක් ඒ හරහා නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රක්ෂණ ශ්‍රියන්ත, මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT