18
2569 වැනි රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව සංවිධානය කළ සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍ය සායනයක් අක්මීමණ, කපුහෙම්පොළ සායන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම සායනය නොමිලේ පැවැත්වුණු අතර එම ප්‍රාදේශීය සභාවට අයත් හපුගල සහ මීපාවල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානවල වෛද්‍යවරු මෙම සායනයේ ප්‍රතිකාර කටයුතු සිදු කළහ. බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ලේකම් ලලිත් ගාමිණී මහතාගේ උපදෙස් පරිදි මෙම ආයුර්වේද වෛද්‍ය සායනය සංවිධානය කර තිබිණි.
දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ