Home » ‘මෛත්‍රී භූෂණ’ උපහාර සම්මාන උලෙළින්

‘මෛත්‍රී භූෂණ’ උපහාර සම්මාන උලෙළින්

by sachintha
May 19, 2025 1:13 am 0 comment

‘මෙත් සවිය’ 22 වැනි සංවත්සරය සහ ‘මෛත්‍රී භූෂණ’ උපහාර සම්මාන උලෙළ ඉකුත් 04 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ නව රංග ශාලාවේදී පැවැත්විණි. ‘මෙත් සවිය’ මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදය සාමාජික සාමාජිකාවන් අටදහසක් පමණ සිටින දිවයිනේ ප්‍රමුඛ බෞද්ධ සංවිධානයකි. මෙම උලෙළේ මූලාසනය තිස්සමහාරාම රජමහා විහාරාධිපති, මාතර කන්දබොඩ පත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්මසේන මාහිමියෝ විසින් හොබවනු ලැබූහ.

‘මෙත් සවිය’ මඟින් වසරකට පුද්ගලයන් දෙදෙනකුට පමණක් පිරිනමනු ලබන මෛත්‍රී භුෂණ උපහාර සම්මානය මෙවර කොළඹ බොරැල්ල ලෙස්ලි රණගල මාවත ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ වැඩවසමින් ආගමික, ශාසනික හා සමාජයීය කටයුතුවල යෙදෙමින්, වැඩිහිටි නිවාස පවත්වාගෙන යමින්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආගමික කටයුතු ඉටුකරමින් අනුපමේය ශාසනික මෙහෙවරක යෙදෙන විශ්‍රාමික පරිවේණාචාර්ය වීරගොඩ ඥාන මාහිමියන්ට සහ ශ්‍රී ලංකා පොලිසියේ අවංකව රාජකාරි ඉටු කරමින්, තම ඉඩකඩම් ශාසනය වෙත පූජා කරමින්, බුදු පිළිම තැනීම සිදුකරමින්, පූජා භූමි ප්‍රතිසංස්කරණ කටයුතුවලට උරදෙමින් අනුපමේය මෙහෙවරක යෙදෙන විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක අගම්පොඩි නිහාල් ප්‍රේමවංශ මැන්දිස් මහතාට ද පිරිනැමිණි.

දෙල්ගොඩ සමූහ – සුදත් පුබුදු කීර්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT