තුන්කෝරළ මාධ්‍ය සංසදය මඟින් සංවිධානය කරන ලද අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් ඉගෙනුමට දක්ෂ දරු දැරියන් 50 දෙනකුට නොමිලේ අභ්‍යාස පොත් හා ඉගෙනුම් උපකරණ කට්ටල බෙදා දීමේ උත්සවයක් ඉකුත් 16 වැනි දින රුවන්වැල්ල, යටන්වල ශ්‍රී ස්වර්ණ වාලුකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවැත්විණි. විහාරාධිපති ඇත්ඔය සුනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී, අභ්‍යාස පොත් කට්ටල සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දී තිබුණේ රුවන්වැල්ල ඩී.එෆ්.සී.සී. බැංකු ශාඛාව මඟිනි. මෙම අවස්ථාවට රුවන්වැල්ල ප්‍රාදේශීය සභා ලේකම් රසාංගික පතිරණ, රුවන්වැල්ල ඩී.එෆ්.සී.සී. බැංකු කළමනාකරු චතුර අබේකෝන්, ජාතික රක්ෂණ භාර අරමුදලේ රුවන්වැල්ල කොට්ඨාස භාර නිලධාරිනී නයනා රුවන්වැල්ල, මධ්‍යම පුස්තකාලයාධිපතිනී හංසනී යන මහත්ම මහත්මීන් ද, තුන්කෝරළ මාධ්‍ය සංසදයේ ලේකම් විමලරත්න සමරක්කොඩි ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් ද එක්ව සිටියහ.
යටියන්තොට විශේෂ – සමන් එස්. රත්නායක