ඕනෑම අවස්ථාවක කතරගම පුදබිම වන්දනා කිරීමට පැමිණෙන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හට නොමිලේ නේවාසික පහසුකම් ලබා දීමට දේවාලයට අයත් විශ්‍රාම ශාලාවේ කාමර දෙකක් වෙන් කිරීමට කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පෙරේදා (17) පොරොන්දුවක් ලබා දුන්නේ රටවටා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ විධායක සභාව කතරගම පැවැත්වූ අවස්ථාවේ විශේෂ ආරාධිතයකු ලෙස ඊට එක්වෙමිනි. එදින උදෑසන විධායක සභාව කතරගම එලිෆන්ට් විව් උත්සව ශාලාවේදී පැවැත්විණි. රටවටා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විශේෂ ඇගයීමකට ද ලක් කරමින් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා මෙසේ අදහස් දැක්වීය.
“මාධ්‍යවේදීන්ට තමයි මේ රට හදන්න පුළුවන්. ඔබලා ඒකරාශී වෙලා රට වෙනුවෙන් කරන සේවය ගැන මාගේ සතුට ප්‍රකාශ කරන අතර ඔබ මගෙන් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගෙන, කතරගම පුදබිම වන්දනා කිරීමට පැමිණෙන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නවාතැන් ගැනීමට පහසුකම් වෙනුවෙන් දේවාලයට අයත් විශ්‍රාම ශාලාවේ කාමර දෙකක් මේ මොහොතේ සිට වෙන්කර දෙනවා.”
මාධ්‍යවේදීන්ගේ විධායක සභාව පැවැත්වූ ස්ථානයේ විශේෂ ආරාධිතයකු ලෙස වැඩම කරන ලද ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.
“රට වටා සිටින මාධ්‍යවේදීන් එක තැනකට එක මිටකට එකතු වී කටයුතු කිරීම ලොකු ශක්තියක් වගේම ඔබගේ වැඩ කටයුතුවලටත් එය ආශිර්වාදයක් වෙනවා. අද වනවිට රටේ වන සිදුවීම් දිහා බලපුවාම ඔබ වැනි පිරිසක් නොසිටියා නම් රටේ වන බොහෝ දේවල් අපට දැනකියා ගන්න වෙන්නේ නැහැ. ඔබ කරන මාධ්‍ය මෙහෙවර අපිට මෙපමණයි කියා මිල කරන්නට බැහැ.”
මාවනැල්ල විශේෂ – සමන් විජය බණ්ඩාර අලුත්ගම සමූහ – තුසිත කුමාර ද සිල්වා සහ සීගිරිය විශේෂ