රාගම දුම්රියපොළ අසල පිහිටි බස් නැවතුම්පොළ භූමියේ පොෙළාවට යොදා ඇති තාර සහ කොන්ක්‍රීට් ගැලවී යාම නිසා වර්ෂා සමයේ වළවල් සැදී ඒවායේ මඩ සහිත ජලය පිරීමෙන්, එම ස්ථානයට පැමිණෙන පාසල් ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ගේ සහ තරුණ තරුණියන්ගේ ඇඳුම්වලට මඩ ජලය විසි වීම හේතුවෙන් ඔවුන් විවිධ පීඩාවන්ට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මෙම බස් නැවතුම්පොළට ජා ඇළ – රාගම, රාගම – කඳාන, රාගම – ගම්පහ, බටුවත්ත පාර හරහා රාගම ඇතුළු බස් රථ රැසක් දිනපතාම වැඩි වශයෙන් පැමිණෙති. ඒ අනුව රාගම දුම්රියපොළ අසල පිහිටි බස් නැවතුම්පොළ භූමියේ පොළොවට යොදා ඇති තාර සහ කොන්ක්‍රීට් ගැලවී ඇති ස්ථාන නිසි පරිදි සංවර්ධනය කර දෙන ලෙසට මගී ජනතාව අදාළ අංශවලින් ඉල්ලා සිටිති.
මහර සමූහ – ගණිඳු රෝචන සමරතුංග