Home » කැකුලන්දල ප්‍රතිරාජ පිරිවෙනේ තෙමහල් ධර්මශාලා මන්දිරයට මුල්ගල්

කැකුලන්දල ප්‍රතිරාජ පිරිවෙනේ තෙමහල් ධර්මශාලා මන්දිරයට මුල්ගල්

by sachintha
May 19, 2025 1:22 am 0 comment

අගලවත්ත, කැකුලන්දල ප්‍රතිරාජ පිරිවෙනේ ඉදිකිරීමට යෝජිත Òපිඹුරේ උදිතාභිධාන මහනායක හිමිÓ අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව සහිත තෙමහල් ධර්මශාලා මන්දිරය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වෙසක් පෝ දිනට පෙර දින සිදු කෙරිණි. අගලවත්ත ප්‍රතිරාජ පිරිවෙන් රාජමහා විහාරයේ විහාරාධිපති, රාජකීය පණ්ඩිත පිඹුරේ සෝමරතන නාහිමිගේ උපදෙස් මත ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම තෙමහල් මන්දිරයේ පළමු මහල මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට ඉදිකර අවසන් කිරීමට ද සැලසුම් කර ඇත. රාජ්‍ය සහ පෞද්ගලික දානපතීන්ගේ ආධාර උපකාර හා දායක පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීමට යෝජිතය. මෙම විහාරස්ථානය සඳහා විශාල අඩුවක්ව පැවති සම්මන්ත්‍රණ ශාලාවක්, ධර්මශාලා පහසුකම් සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට අධ්‍යයන ශාලා සඳහා මෙමඟින් පහසුකම් සැලසේ. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධනුෂ්ක රංගනාත්, ජගත් පින්නගොඩ විතාන යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි පිරිසක් සහභාගි වූහ.

මීගහතැන්න සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT