හාලිඇළ – කුරුකුදේගම මාර්ගයේ නාය යෑමක් යළි ඊයේ (18) සිට සක්‍රිය වීමට පටන්ගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මීට කලකට ඉහතදී හාලිඇළ, කුරුකුදේගම ප්‍රදේශයේ මෙම නාය යෑමට ලක්වූ ස්ථානයේ, මේ වනවිට පවතින වර්ෂාවත් සමඟ මෙසේ බොර ජල පහරක් ගලා යමින් එම ස්ථානයේ පස් කණ්ඩි කඩා වැටීමට පටන් ගෙන තිබෙන බව ද එම මධ්‍යස්ථානය කීය. ජනතාව මෙම මාර්ගය ඔස්සේ කුරුකුදේගම ගම්මානයට මෙන්ම වෑතලාව පාසලට ද ගමන් කරන බවත්, එනිසාවෙන් ජනතාවගේ ජීවිතවලට ද අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇති බවත් ගම්වාසීහු පවසති. දැනට මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට දැනුම් දී එම නිලධාරීන් පරීක්ෂා කර බලා ලබාදෙන වාර්තා උපදෙස් මත ඉදිරි කටයුතු සිදු කරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.
සොරණාතොට සමූහ සී. ගමගේ