44
වසර 30ක් පුරා පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කර, යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් මහියංගණය, නිඳහන්ගල, ‘අරිය බ්‍රහ්ම අරණ’ මෙහෙණි ආරාමයෙහි පූජනීය පල්ලෙබැද්දේ අමිතපාලි මෙහෙණින් වහන්සේගේ සංකල්පයකට අනුව, මෙහෙණි ආරාම දායක දායිකාවන් විසින් යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් හා යුද්ධයට දායක වී විශ්‍රාම ගොස් සිටින රණවිරුවන් ගෙන්වා ධර්ම දේශනයක් සිදු කර, දානමය පුණ්‍ය කටයුත්තක් ද සිදු කර පින් අනුමෝදන් කිරීම ඊයේ (18) උදෑසන සිදු කෙරිණි. එහිදී මියගිය රණවිරුවන් වෙනුවෙන් හා උතුරේ මියගිය දෙමළ තරුණ තරුණියන් වෙනුවෙන් ද පින් අනුමෝදනා කිරීමක් සිදුවිය.
මාපාකඩවැව සමූහ එච්.එම්. රංජිත් කරුණාවීර