Home » ලක්ෂ අටහමාරේ යතුරුපැදිය ඉස්සූ හොරා අයිස් එක්ක මාට්ටු

ලක්ෂ අටහමාරේ යතුරුපැදිය ඉස්සූ හොරා අයිස් එක්ක මාට්ටු

by sachintha
May 19, 2025 1:25 am 0 comment

ගම්පහ සමුපකාර රෝහල අසල නවතා තිබූ රුපියල් ලක්ෂ අටහමාරකට (850,000) අධික වටිනාකමකින් යුත් යතුරුපැදියක් සොරකම් කර එහි වයර් කපා විජයාරාම පාරේ තල්ලු කරගෙන යමින් සිටි පුද්ගලයකු, යතුරුපැදිය සොරකම් කර පැය 24ක් යාමට පෙර විජයාරාම පාරේ ඇළ අසලදී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 3,633ක් සමඟ අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායම සමත් වී තිබේ. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක උදය ශාන්ත මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරිණි. අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍යවලට අධික ලෙස ඇබ්බැහි වූ අවුරුදු 24 වයසැති උඩුගම්පොළ, වීදියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය සඳහන් කරයි. සැකකරු සන්තකයේ තිබී යතුරුපැදියේ වයර් කැපීම සඳහා යොදා ගන්නා ලද පිහියක් ද සොයාගෙන ඇත. සැකකරු හා නඩු භාණ්ඩ ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (ගම්පහ 1) නාලක සේනානායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩිලාන් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන උදයශාන්ත, බණ්ඩාරනායක, පොලිස් සැරයන්වරුන් වන පුෂ්පානන්ද (2926), සුනිල් (55460), සෙනෙවිරත්න (55466), වීරසූරිය (61971), පොලිස් කොස්තාපල්වරුන් වන ලක්මාල් (37801), ප්‍රදීප් (30190), තරිඳු (106551), පො.සැ.රි. විජේසේන (22146) යන නිලධාරීහු වැටලීමට එක්වූහ.

ගම්පහ දිස්ත්‍රික් විශේෂ

සිසිල ගුණතිලක සහ

ගම්පහ අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT