රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා Òකුෂ්Ó මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියකු සහ ඔහු රැගෙන යාම සඳහා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු පෙරේදා (17) පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු කාන්තා ඇඳුම් ඇඳ , කාන්තාවක සේ පෙනී සිටින, ලිංගික සංක්‍රාන්තියට පත් 24 හැවිරිදි තායිලන්ත ජාතිකයෙකි.
ඔහු මෙම Ò කුෂ්Ó මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන , ඉන්දියාවේ මුම්බායි වෙත පැමිණ , එතැන් සිට පෙරේදා (17) පස්වරුවේ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 276 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබිණි. ඇය විසින් රැගෙන ආ ගමන්මල්ලේ රසකැවිලි අඩංගු පාර්සල්වල මෙම Òකුෂ්Ó මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01ක ප්‍රමාණය සඟවාගෙන තිබිණි.
සැකකරු රැගෙන යෑම සඳහා කඩවත ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සහ 24 හැවිරිදි තරුණයන් දෙදෙනකු ද කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිට ඇති අතර, ඔවුන් ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස සහ ‘ කුෂ්Ó මත්ද්‍රව්‍ය තොගය ඊයේ (18) දින පස්වරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර , එහිදී සැකකරුවන් ලබන 23 වැනිදා තෙක් කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානයේ රඳවා තබා ගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා අවසර ලබා දී ඇත.
කටුනායක – ටී.කේ.ජී.කපිල