Home » හම්බන්තොට රජයේ පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීම

හම්බන්තොට රජයේ පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීම

-ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක්

by sachintha
May 19, 2025 1:28 am 0 comment

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමේ දි පවතින ගැටලු නිරාකරණය කරගැනීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි ඉකුත් දා පැවැත්විණි.

පළමු ශ්‍රේණියට සහ හය ශ්‍රේණිය පන්තියට දරුවන් ඇතුළත් කර ගැනීමේ දි ප්‍රධාන පාසල්වල පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡාවට ලක්විය. පාසල්වල පවත්වන විවිධ වැඩසටහන් සඳහා මවුපියන්ගෙන් මුදල් එකතු කිරීම, විදුහල්පති පුරප්පාඩු, පරිපාලන ගැටලු, ගුරු ගැටලු හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පවතින ගැටලු සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

තිස්සමහාරාමය සහ ලුණුගම්වෙහෙර කොට්ඨාස සඳහා ජාතික පාසලක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විණි.

මෙහි දී අදහස් දක්වූ දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා මෙසේ පැවසීය.

“ගමේ පාසල්වලට අවශ්‍ය සියලු පහසුකම් දෙන්න ඕන. ඒ කාරණාව නිසා තමයි ගුරු පත්වීම් ලබාදීමේ දී එම පත්වීම් එම පාසල් වෙත ලබා දුන්නේ. සී.සී.ටී.වී කැමරා පද්ධති පාසල්වල සවි කරනවා නම් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතුයි. ඉදිරියේ දී විදුහල්පතිවරුන්ට හා නිලධාරීන්ට ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් සිදු කරනවා.

මෙම අවස්ථාවට පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද සෙනරත් විතාරණ, සාලිය සඳරුවන් මදරසිංහ , ආණ්ඩුකාරතුමන්ගේ පෞද්ගලික ලේකම් බී.කේ.එස්. රවීන්ද්‍ර, සම්බන්ධීකරණ ලේකම් සුධර්මන් වෛද්‍යරත්න , දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඉන්දික සමරකෝන්, පළාත් අධ්‍යාපන ලේකම් ඒ.යූ. වේලාරත්න, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි සහ හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඕ.වී. නිලානි යන මහත්ම මහත්මිහු පිරිසක් සහභාගි වී සිටියහ.

ලුණම සමූහ – සනත් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT