Home » 14 හැවිරිදි දරුවා හප්පා මෝටර් රිය පලා ගිහින්

14 හැවිරිදි දරුවා හප්පා මෝටර් රිය පලා ගිහින්

by sachintha
May 19, 2025 1:29 am 0 comment

පානදුර අරුක්ගොඩ ජනපදය ප්‍රදේශයේ මාර්ගයක ධාවනය වූ මෝටර් රියක් පා ගමනින් යමින් සිටි 14 හැවිරිදි පිරිමි දරුවකු හප්පා අනතුරට ලක් කර පලා ගොස් ඇතැයි හිරණ පොලීසිය පවසයි. තුවාල ලද දරුවා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත. එම දරුවා මිතුරකු සමඟ උපකාරක පන්තියකට සහභාගි වීම සඳහා ඊයේ (16) සවස ජනපදයේ සිට කිරිබේරිය දෙසට යමින් සිටියදී කිරිබේරිය දෙස සිට පැමිණි මෝටර් රථය සිසුවා අනතුරට ලක්කර පලා ගොස් තිබූ බව පොලීසිය කියයි.

එම අනතුර අසල සවිකර තිබූ සීසීටීවි කැමරාවක සටහන් තිබූ අතර එහි ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ පරීක්ෂාවේ දී එය කඩවත ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බවට අනාවරණය වී යැයි පොලීසිය කියයි.

එහි රියැදුරු සහ මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට නියමිතය. හි‍රණ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර සිල්වා මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමන් අල්විස් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම සමූහ – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT