Home » වසර 16ක යුද සැමරුම මාවිල්ආරු සොරොව්වේ පින්කම්

වසර 16ක යුද සැමරුම මාවිල්ආරු සොරොව්වේ පින්කම්

by sachintha
May 19, 2025 2:29 am 0 comment

මාවිල්ආරු සොරොව්ව වසා දමමින් කොටි ත්‍රස්තවාදීන් ආරම්භ කළ අමානුෂීය යුද්ධය ජය ගැනීමට සමත්වූ 16 වැනි වසර සමරමින් මියගිය රණවිරුවන්, ආබාධිත රණවිරුවන් සිහිපත් කරමින් රණවිරුවන්ට උපහාර දැක්වීමේ උත්සවයක් ඊයේ (18) උදෑසන මාවිල්ලාරූ සොරොව්ව අසලදී ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

කුරිරු ත්‍රස්තවාදීන්ගේ අවසන් ඉලක්කය බවට පත්වූ මාවිල්ලාරු සොරොව්ව වසා දැමීමත් සමඟම ගොවිබිම් සියල්ලට ලබාදෙන ජලය නොමැතිවීම නිසා කම්පාවට පත්වූ මහා සංඝරත්නය එක්ව පවත්වන ලද උපවාසය සමගම ආරම්භ කළ මානුෂීය මෙහෙයුම දරුණු ත්‍රස්තවාදීන් අන්ත පරාජයකට පත්කිරීම දක්වා රට වෙනුවෙන් යුද වැදුණු රණවිරුවෝ සමත් වූහ. එහිදී මියගිය රණවිරුවන් වෙනුවෙන් පැන් වඩා පින් අනුමෝදන් කරමින්, ආබාධිත රණවිරුවන්ට සුවය ප්‍රාර්ථනා කරමින් යුද්ධය මෙහෙයවූ සියලුම දෙනාට නීරෝගි සුවය පැතීම සිදුවිය. නීළපොළ, දෙහිවත්ත, කල්ලාර් දහම්පාසල් සිසු සිසුවියන්ගේ සහභාගිත්වය ඇතිව සිදුකළ මෙම වැඩසටහන කාල්ලාර් ශ්‍රී බෝධිරාජාරාමාධිපති ගනේගොඩ ධම්මකිත්ති හිමියන් ඇතුළු මහා සංඝරත්නය එක්ව සංවිධානය කර තිබිණි.

කන්තලේ සමූහ – සුමිත්‍රා කුමාරිහාමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT