ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධාන කළ 49 වැනි ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේදී නව තරග වාර්තා 2ක් ද සමඟ ජයග්‍රහණ 4ක් හිමිකර ගැනීමට රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ දිසාලි ලොකුවිතාන සමත් වූවාය.
අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයෙන් තරග කළ දිසාලි මීටර් 100 නිදහස් ආර මිනිත්තු 1:08.27කින් සහ මීටර් 50 නිදහස් ආර ඉසව්ව තත්පර 30.58කින් නිම කරමින් නව තරග වාර්තා බිහිකළ අතර, මීටර් 50 පසුපස ආර (තත්. 37.08) සහ ළයආර (39.81) ඉසව්වල රන් පදක්කම් දිනා ගත්තාය.
2003 වසරේ බාසිලෝනාහිදී පැවති 10 ලෝක පිහිනුම් ශූරතාවලිය නියෝජනය කර ඇති දිසාලි එම වසරේදී මීටර් 50 පසුපස ආර ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ද සමත් වූවාය. ඇය බණ්ඩාරගම ටෝනාඩෝස් පිහිනුම් සමාජයේ අසේප ප්‍රදීප් මහතා යටතේ පුහුණුව ලබන්නීය.