112
අධික වර්ෂාවත් සමග අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දී සිටියි.
ඒ අනුව, වැසි පවතින අවස්ථාවලදී පැයට කිලෝමීටර 60 ක පමණ වේග සීමාවක් පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.ඒ.ඩී. කහටපිටිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.