ශ්‍රී ලංකාවේ යුදමය ගැටුම් අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව පිළිතුරු සොයන බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ප්‍රකාශ කරයි.
මෙරට සිවිල් යුද්ධය අවසන් වී වසර 15 ගත වීම නිමිත්තෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත.
තමන් 2013 වසරේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට ගිය අවස්ථාවේ යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාක පිළිබඳ අසා දැනගත් බවත් එහිදී යුද්ධයෙන් පීඩා විඳි සියලු දෙනාටම යුක්තිය, සත්‍ය සහ වගවීම වෙනුවෙන් එක්සත් රාජධානියේ සහාය ලබාදීමට කැපවන බව ප්‍රකාශ කළ බවත් ඩේවිඩ් කැමරන් මහතා සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ප්රයත්නයන් සඳහා එක්සත් රාජධානිය අඛණ්ඩව නායකත්වය ලබාදෙන බවද ඩේවිඩ් කැමරන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාව වැදගත් පොදුරාජ්‍ය මණ්ඩලීය හවුල්කරුවෙකු වන අතර, රටේ සියලු ප්‍රජාවන් සමඟ දිගටම කටයුතු කරන බව ඩේවිඩ් කැමරන් මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.