අයවැය 2023 | දිනමිණ

අයවැය 2023

budget 2023

Updated date: සති 3 ක් පැය 21 ක්
බඳ:

2023 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත

ඉදිරි දස වසර තුළදී ඉහළ කුසලතාවන්ගෙන් යුතු ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ශ්‍රම බලකායක් බිහි කර ගැනීමට අවශ්‍ය කටයුතු සැකසේ.
 
අප ගෙන එන ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟත්වයට පැමිණි ප්‍රතිසංස්කරණවලට සීමා වන්නේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමුඛ වන්නේ ආර්ථික ස්ථායිකරණය සඳහායි - ජනපති
 
මීළග අවුරුදු 10 තුළ වාර්ෂිකව ඩොලර් බිලියන 3ක සෘජු විදේශ ආයෝජන ඉලක්ක සපුරා ගැනිමට සැලසුම්
14:46
බීඩියක් මත රුපියල් දෙකක බද්දක් පනවනවා.
14:47
රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය ඇති කිරීමට පියවර
14:48
පරිසර හිතකාමී හරිත සහ නීල ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් කෙරෙහි නව ආර්ථික වැඩපිළිවෙලෙහි විශේෂ අවධානයක්.
14:30
සමාජ- ආර්ථික පරිවර්තනය සිදුකළ යුත්තේ ගෝලීය සංසිද්ධීන් සැලකිල්ලට ගනිමින් සහ  දේශගුණික විපර්යාස ගැන දැඩි අවධානයක් යොමු කරමින් බව ජනපති පවසයි.
14:32
සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක්  ඔස්සේ  7%- 8% ක ඉහළ ආර්ථික වර්ධනයක් සපුරා ගැනීමට අපේක්ෂිතයි
14:44
ජාත්‍යන්තර වෙළෙඳාම දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශයක් ලෙස 100%ක් පමණ ඉහළ නංවා ගැනීමට පියවර
14:44
2023- 2032 දක්වා නව අපනයන මඟින් ඩොලර් බිලියන 3ක වාර්ෂික වර්ධනයක් අපේක්ෂා කෙරේ
14:44
 
2023 අය වැය යෝජනා ඔස්සේ 21 වන සියවසේ නව ලෝකයට ගැලපෙන නව ආර්ථිකයක් ගොඩ  නැංවීමේ ක්‍රියාවලිය ඇරඹෙන බව ජනපති කියයි.
 
රටක දීර්ඝ කාලීන (2023-2048) සංවර්ධනයට පදනම් වන්නේ  නිවැරදි තීරණ මිස ජනප්‍රිය තීරණ නොවේ -  අය වැය ඉදිරිපත් කරමින් ජනපති කියයි. 
 
තරුණ තරුණියන්ගේ යහපත් හෙට දවසක් වෙනුවෙන් උද්ඝෝෂණ, අරගල, වැඩ වර්ජන වැනි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගිය අලුත් ප්‍රවේශයක්, අලුත් වැඩපිළිවෙලක් මගින්  තරුණ තරුණියන්ගේ අපේක්ෂා වලට ගැළපෙන නව ආර්ථිකයක් නිර්මාණය කර ගනිමු - ජනපති
 
සමාජය හුරුපුරුදුව සිටින ජීවන රටා යළි පහළ මට්ටමකට නොවැටෙන ලෙස නව ගමන ආරම්භ කරන බව ජනපති පවසයි.  
 
ඒක පුද්ගල ආදායමට සරිලන ජීවන ක්‍රමයක් වෙනුවට  තරුණ තරුණියන් අපේක්ෂා කරන ජීවන ක්‍රමයට ගැලපෙන ආර්ථිකයක්
 
ලෝකයේ නව ප්‍රවණතාවන්ට ගැලපෙන ලෙස අලුත් ආර්ථික පදනමක් සකස් කර ගත යුතුයි - ජනපති
 
දිළිඳු හා අවදානමට ලක්ව ඇති කණ්ඩායම් රැකබලා ගැනීමට පූර්ණ අවධානය
 
පුද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කරන අතර අලුත් ව්‍යවසායකයන් බිහි කිරීමට අවශ්‍ය  පහසුකම් සපයන , ඔවුන්ගේ කාර්යයන් වඩාත් ඵලදායී කරගත හැකි ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කරනවා  - ජනපති