ඇන්ටන් ජෝන්ස් නික්ම යයි | දිනමිණ

ඇන්ටන් ජෝන්ස් නික්ම යයි

ලංකාවේ සංගීත ක්ෂේත්‍රයෙහි නොමැකෙන නාමයක් සටහන් කොටගත් සුප්‍රකට ගායක ඇන්ටන් ජෝන්ස් පසුගියදා අප අතරින් සමුගත්තේය. 1937 ජූනි 03 දා කොළඹ අළුත්කඩේ දී උපන් ඇන්ටන් ජෝන්ස් අළුත්කඩේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කන්තෝරුව ගීතය ගයමින් ලාංකේය සංගීත හදවත් මතට පිවිසි ඔහු සත්‍ය සිදුවීම් ඇසුරෙන් ගීත ගැයීම හරහා ඉමහත් ප්‍රසිද්ධියට පත් විය.

සුප්‍රකට බයිලා ගායක වොලී බැස්ටියන්ගේ සංගීත කණ්ඩායම සමග සමීපව ඇසුරු කළ ඇන්ටන් ජෝන්ස් මියයන විට ගීත 500කට අධික ප්‍රමාණයක් ගයා තිබිණි.

කලක් බැංකු සේවකයකු ලෙස රාජකාරියේ යෙදී සිටි හෙතෙම ඔහොම හොඳද චිත්‍රපටයේ ඒ වෙනුවෙන් ගායනා කළ කොමල පපා ගීතය සමගින් රංගනයට ද එක්විය.

සුවහසක් රසික සිත් සනසා අපෙන් සමුගත් දයාබර කලාකරුවාණනි ඔබට නිවන් සුව!

නව අදහස දක්වන්න