අරිප්පුව වෙරළෙන් කේරළ ගංජා අත්අංඩගුවට | දිනමිණ

අරිප්පුව වෙරළෙන් කේරළ ගංජා අත්අංඩගුවට

 

නීති විරෝධි ලෙසින් මුහුදු මඟින් මෙරටට ගෙනවිත් වෙනත් ප්‍රදේශයකට ගෙන යන තෙක් සීලාවතුර අරිප්පුව මුහුදු වෙරළේ තබා තිබු කේරළ ගංජා තොගයක් නාවික හමුදා නිලධාරින් පසුගිය සති අන්තයේ දී සොයා ගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ඒකකය කියයි.

නාවික හමුදා වයඹ නාවික විධානයට අයත් සිලාවතුර ථෙරපුත්ත ආයතනයේ නිලධාරින් ඈත දියඹේ යන යාත්‍රාවන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන රේඩාර් තොරතුරු අනුව සැක කටයුතු යාත්‍රාවක් හදුනාගෙන ඇත. එම යාත්‍රාව සම්බන්ධයෙන් පරික්ෂාකාරිව කටයුතු කරමින් අරිප්පුව වෙරළෙහි සෝදිසි මෙහෙයුමක් සිදු කළ නිලධාරින්ට වෙරළෙහි තිබි පාර්සල් තොගයක් හමුවි ඇත.

මුන්නේශ්වරම සමුහ

ජායාරූපය - මුන්නේශ්වරම සමුහ.

 

නව අදහස දක්වන්න