සෙලීනාගේ අමුතුම විදිහේ රාගය | දිනමිණ

සෙලීනාගේ අමුතුම විදිහේ රාගය

සෙලිනා ගෝමස්ගේ අලුත්ම වීඩියෝව නම් කර ඇත්තේ ‘Fetish’ යනුවෙන්.

අසාමාන්‍ය ලෙස රාගය උපද්ද වීම මෙහි අරුතයි.

වීඩියෝව නිකුත් වූ විට එය නැරැඹීමට රසික රසිකාවන් දැක්වූයේ දැඩි උනන්දුවක්.

නමුත් සමහරු එය නැරැඹීමෙන් පසුව ප්‍රකාශ කළේ තමන් බලාපොරොත්තු වූ දේ එහි නොවූ බවයි.

සැබැවින්ම ඔවුන් සෙලිනාගේ අලුත්ම ගීතය ඇතුළත් වීඩියෝවෙන් බලාපොරොත්තු වූයේ එහි නමටම සරිලන ලෙස රාගික දර්ශන රැසක්.

නමුත් එහි එවැනි කිසිවක් තිබුණේ නැහැ.

මේ ගැන අදහස් දැක්වූ සෙලිනා සහ එම වීඩියෝව අධ්‍යක්ෂණය කළ පෙට්‍රා කොලින්ස් පැවසුවේ එහි ඇතුළත් වන්නේ ලිංගිකත්වය පිළිබඳ රාගය නොව භීතිය පිළිබඳ කැමැත්ත බවයි.

මෙවැනි ගීතයක් නිර්මාණය කිරීමට තමන්ට අවශ්‍ය යැයි සෙලීනා, අධ්‍යක්ෂ පෙට්‍රාට පවසා තිබෙනවා.

“Fetish කිව්වාම හැමෝම හිතන්නෙ ලිංගිකත්වය ගැනයි.

මේ ගීතයේ එහෙම දෙයක් නැහැ.

උමතු සහ සංකීර්ණ ආදරයක් ගැනයි මේ ගීතයෙන් කියැවෙන්නෙ.” සෙලිනා පැවසුවා.

නව අදහස දක්වන්න