කාරයක් ගුරුගොඩ ඔයට පෙරළී පිය පුතු මරුට | දිනමිණ

කාරයක් ගුරුගොඩ ඔයට පෙරළී පිය පුතු මරුට

හොරණ ශ්‍රි පාලියේ පැවති උත්සවයකට ගොස් ආපසු නිවෙස් බලා කඩුගන්නාවට යමින් සිටි පවුලේ පිරිසක් රැගත් මෝටර් රථයක් පිංදෙණිය පොලිස් වසමේ පිටගල්දෙණිය පාලම අසලින් ගුරුගොඩ ඹයට පෙරළීමෙන් එහි ගමන් ගත් පියෙක් සහ පුතෙක් මියගොස් තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ අමුණ පාර කැටකුඹුර කඩුගන්නාව ලිපිනයේ පදිංචි ආර් අබේරත්න කරූණාතිලක(57) සහ ආර් .නිෂාන් දුෂ්මන්ත සමිත් ( 31)යන දෙදෙනාය. මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ ආර්.ජි.ඉංද්‍රනි ශ්‍රියාලතා (55) ආර්.නිෂාදි පුෂ්පිකා (28) සහ සාරා විජිතා පෙරේරා (28) යන තිදෙනාය.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වන පිංදෙණිය පොලිසිය මයගිය අයගේ හදිසි මරණ පරික්ෂණ කෑගල්ල මහ රෝහලේ දී පැවැත්විමට කටයුතු සුදානම් කර තිබිණි.

පිංදෙණිය පොලිසිය ස්ථානාධිපති පො.ප. ලසන්ත කළුආරච්චි, රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප.තිලකසිරි ,උ.පො.ප.දිසානායක ,පො.කො.11030 අසෝක යන නිලධාරිහු වැඩිදුර පරිකෂණ වල නියැලි සිටියහ.

සබරගමුව සමුහ

නව අදහස දක්වන්න