උදයංග වීරතුංගගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි | දිනමිණ

උදයංග වීරතුංගගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි

මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ, නීතිඥයන් කර තිබූ ඉල්ලීම අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කලේය.

ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින්.

උදයංග විරතුංගට පනවා ඇති අන්තර්ජාතික වරෙන්තුව ආපසු කැඳවන ලෙස හා ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම යන නියෝග ආපසු කැඳවන ලෙසටයි ඉල්ලීම් කර තිබුණේ.

එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් අධිකරණය කියා සිටියේ උදයංග වීරතුංග පොලිසියට හෝ අධිකරණයට භාර වීම බවයි.

මිග් යානා ගනුදෙනුවක දී වංචා කළැයි කියන සිද්ධියක් ගැන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට චෝදනා එල්ල වී තිබේ.

නව අදහස දක්වන්න