අඛණ්ඩව විදුලි සැපයුමට සූදානම් - යුධ හමුදාව | දිනමිණ

අඛණ්ඩව විදුලි සැපයුමට සූදානම් - යුධ හමුදාව

රටේ අවශ්‍යතාව අනුව ඕනෑම මොහොතක අඛණ්ඩව විදුලි සැපයුම වෙනුවෙන් මැදිහත්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.

හමුදා මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක, මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න කියා සිටියේ ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් තමන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි.

ඒ වෙනුවෙන් හමුදා භට කණ්ඩායම් 89ක් දැනටමත් සූදානම් කර ඇති බව ද සදහන්.

මේ අතර, විදුලිබල වෘත්තීය සමිති පවසන්නේ කිසිඳු බලපෑමක් හමුවේ නොනැවතී වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි.

විදුලිබල සේවක වර්ජනය හේතුවෙන් මඩකලපුව, ගාල්ල, කළුතර, අම්පාර,රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් සිදුව ඇති බව ද වාර්තා වෙයි.

 

නව අදහස දක්වන්න