ඩිජිටල් ලෝකයෙන් දරුවන් රැකගන්න | දිනමිණ

ඩිජිටල් ලෝකයෙන් දරුවන් රැකගන්න

ඩිජිටල් ලෝකය තුළ දරුවන් ආරක්ෂා කිරීමට ඉහළම ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කළහ.

'' නිදහස් ව්‍යායාමය සමග මෙයට කිරීමට කිසිවක් නැත. එයට ඇත්තේ ආණ්ඩු සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර ගෝලීය මට්ටමේ පුළුල් සහයෝගීතාවයක් තුළින් අපරාධ ගැන දැනුවත්ව එය සමඟ අධිෂ්ඨානශීලිව සටන් වැදීමයි ''

පාප් වහන්සේ එසේ ප්‍රකාශ කළේ ඩිජිටල් ලෝකය තුළ දරුවන් ගේ ගරුත්වය පිළිබඳ පළමු වරට පැවැති ලෝක කොංග්‍රසයේ දීය. සිව් දින වැඩසටහනක් ලෙස පාප් වහන්සේ ගේ ජෝර්ජියානු විශ්ව විද්‍යාලයේ ළමා ආරක්ෂණ මධ්‍යස්ථානය විසින් මෙය සංවිධානය කර තිබුණි. මෙහිදී ළමා සත්කාර, අන්තර්ජාල ආරක්ෂාව, නීති බලාත්තමක කිරීම, අධ්‍යාපනය ආදි ක්ෂේත්‍ර තුළ අත්දැකීම් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හුවමාරු කර ගැනීම සිදු වූ අතර ඩිජිටල් ලෝකය තුළ ළමයින් ගේ ගරුත්වය සඳහා ආරක්ෂාව පිළිබඳ දැඩි සාකච්ඡාවකට ලක් විය. පාප් වහන්සේ ප්‍රකාශ කළේ එය වත්මන් සමාජය මුහුණ දෙන විශාල අභියෝගයක් බවයි. එය තනි පුද්ගල වශයෙන් ද සමාජයක් වශයෙන් ද සිදු වන බව එතුමා ප්‍රකාශ කළහ. ළමයින් පමණක් නොව තරුණ ප්‍රජාව ද මෙම ගැටලුවට මුහුණ දී ඇති බව ෆ්රැන්සිස් පාප් වහන්සේ පැවසූහ.

ඊජිප්තුව, මැද පෙරදිග සහ මුළු ලොවම ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරන ලෙස ෆ්රැන්සිස් පාප් වහන්සේ දෙවියන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියහ. ඒ ඊජිප්තු සංචාරක අමාත්‍යවරයා ඇතුළු රජයේ නියෝජිතයන් පිරිසක් හමු වූ අවස්ථාවේදීය. ඊජිප්තුවේ ශුද්ධ වූ පවුලේ පියාගේ අඩිපාරේ ගමන් කිරීමේ වන්දනාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා රෝමයේ දී මෙම මුණ ගැසීම සිදු විය.

'' ඊජිප්තුව යනු ශාන්ත ජෝෂොප්, මරියා කන්‍යාතුමිය සහ බිළිඳු ජේසුස් වහන්සේ මෙන්ම බොහෝ අනාගතවක්තෘවරුන් ජීවත් වූ භූමියයි. එය ශතවර්ෂ ගණනාවක් පුරා වධ කණුවේ අනර්ඝ ලේ සමග ආශිර්වාද කළ දේශයක් '' බව මේ අවස්ථාවේ දී පාප් වහන්සේ ප්‍රකාශ කළහ.

ක්‍රිකට් ක්‍රීඩාව ආජන්ටිනාවට සමීප ක්‍රීඩාවක් නොවේ. එම පසුබිම යටතේ 'ක්‍රිකට් සින් ෆ්රොන්ටෙරාස් ' ( දේශ සීමා රහිත ක්‍රිකට්) ව්‍යාපෘතිය ආරම්භ වූයේ මීට දශකයකට පමණ පෙරදීය. එය දේවස්ථාන එක් කරමින් ප්‍රචණ්ඩත්වය සහ අපරාධවලට විකල්පයක් ලෙස හඳුන්වා දෙනු ලැබුණි. මේ වන විට ආර්ජන්ටිනාවේ තරුණ තරුණියන් සිය ගණනක් මෙම ව්‍යාපෘතිය හා එක්ව සිටින අතර පාප් වහන්සේ ගේ කවුන්සිලයේ අනුග්‍රහය යටතේ ශාන්ත පීටර්ස් ක්‍රිකට් සමාජය සමග ක්‍රීඩා කිරීමට මෙවර ඔවුන්ට අවස්ථාව ලැබුණි. එම තරුණ ක්‍රීඩකයන් හමු වූ ෆ්රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කළේ මෙම තරඟය ප්‍රචණ්ඩත්වය සහ අපරාධවලට එරෙහි ක්‍රිකට් තරඟයක් බවයි. ක්‍රීඩාව තුළින් එකිනෙකාට ගරු කිරීම, සහභාගිත්වය සහ සාමූහිකත්වය වැනි වටිනාකම් තාරුණ්‍යයට එක් කර ගත හැකි බව එතුමා ප්‍රකාශ කළහ.

'ජාලයක්' යනු රැහැන් ගොඩක් නොව ' මිනිසුන්' බව පාප් වහන්සේ ප්‍රකාශ කළේ එතුමා ගේ ටුවිටර් ගිණුමේ අනුගාමිකයන් මිලියන 40ක් වාර්තා කිරීම පිළිබඳව අදහස් දක්වමිනි. සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ හොඳම උදාහරණය ෆ්රැන්සිස් පාප් වහන්සේ ගේ භාවිතය බව ලෝක සමාජ සන්නිවේදන දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබිණි.

 

ක්‍රිසන්ති විතාරණ 

නව අදහස දක්වන්න