කලාවැව කුකුළු හොරා කොටු වේ | දිනමිණ

කලාවැව කුකුළු හොරා කොටු වේ

අනුරාධපුර මධ්‍යම විශේෂ

කලාවැව ප්‍රදේශයේ කුකුළු ගොවිපළකට පැමිණ දිගින් දිගටම කුකුළන් ගිල දැමූ හඳුන් දිවියකු දෙවැනි වරටත් අල්ලා ගනේවල් පොළ වනජීවි නිලධාරීන්ට භාරදීමට ගොවිපළ හිමිකරු කටයුතු කර ඇත.

කලාවැව ප්‍රදේශයේ කුකුළු ගොවිපළකට 31 වනදා රාත්‍රියේ කඩා වැදී නිරන්තරයෙන් කුකුළන් ගොදුරු කර ගන්නා මෙම හඳුන් දිවියා ගොවිපළ හිමිකරු විසින් ආරක්ෂිතව අල්ලා ගෙන ගනේවල් පොළ වනජීවි කාර්යාලයට භාරදී තිබිණි. මීට පෙර දින කිහිපයකට ඉහතදීත් එම කුකුල් ගොවිපළට හොර රහසේ පැමිණි හඳුන් දිවියකු අල්ලා වනජීවීයට භාර දීමෙන් අනතුරුව වනජීවි නිලධාරීන් එම හඳුන් දිවියා රිටිගල දැඩි ස්වභා රක්ෂිතයට මුදා හැර තිබිණි.

 

නව අදහස දක්වන්න