එමිල් රංජන්ට අනිවාර්ය නිවාඩු - රංගජීවට විනය පරීක්ෂණ | දිනමිණ

එමිල් රංජන්ට අනිවාර්ය නිවාඩු - රංගජීවට විනය පරීක්ෂණ

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කළේ, විමර්ශනවලින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ය.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ ය.

වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන දෙදෙනා ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මෙම නියෝග කළේ, ඔවුන් ප්‍රතිකාර ලැබූ ජාතික රෝහලට පැමිණ යි.

ඔවුන් අත්අඩංගුවට ගැනුණේ 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් හා සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

 
 
 
 

නව අදහස දක්වන්න