තවත් හඳුන් දිවියෙකු මරුට | දිනමිණ

තවත් හඳුන් දිවියෙකු මරුට

අසංක බණ්ඩාර
ලුණම සමූහ සනත් ගමගේ

තිස්ස හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවන ප්‍රදේශයේ දී හඳුන් දිවියෙක් වාහනයකට හැපී මිය ගොස් තිබේ.

බූන්දල ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි මෙම ප්‍රදේශයේ වන සතුන් නිරන්තරයෙන් පාර මාරුවෙයි.

වාහනයක ගැටිමෙන් පසුපස ප්‍රදේශයේ තුවාල ලබා සිටියදී බුන්දල වනජීවි නිළධාරීන් හඳුන්දිවියා කඩිනමින් ලුණුගම්වෙහෙර පශුවෛද්‍ය නිළධාරී වරයා වෙත රැගෙන ගියද ජීවිතය බේරා ගැනීමට නොහැකි විය.

අඩි හතරක් පමණ දිගින් යුත් හඳුන්දිවියා නිරෝගීමත් ලෙස වැඩී සිටි සතෙකි.

 

නව අදහස දක්වන්න