BCS සුදු­සු­ක­ම්ලාභී උපාධි වැඩ­ස­ට­හන් | දිනමිණ

BCS සුදු­සු­ක­ම්ලාභී උපාධි වැඩ­ස­ට­හන්

මේ යටතේ BCS සුදුසුකම් ලත් University of Westminster, The Chartered Institute for IT හා එක්ව IIT වෙතින් උපාධි වැඩසටහන් හතරක් දියත් කෙරෙයි. මෘදුකාංග ඉංජිනේරු BSc/BEng (Hons) , පරිගණක විද්‍යා BSc (Hons) , ව්‍යපාර තොරතුරු පද්ධති BSc (Hons) සහ උසස් මෘදුකාංග ඉංජිනේරු යන උපාධි වැඩසටහන් 4 මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. මේ සුදුසුකම්ලාභී උපාධි වැඩසටහනට අයත් ඕනෑම උපාධියක් සම්පූර්ණ කරන උපාධිධරයෙකු Chartered IT Professional (CITP) ලෙස ලියාපදිංචි වීමට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරාලනු ඇත. සාමාන්‍ය ක්‍රමවේදය අනුව මේ වෘත්තීය සුදුසුකම සපුරාලීම සිදුකිරීම අත්‍යවශ්‍ය වන අතර, මේ උපාධි වැඩසටහන් හා සම්බන්ධ වන උපාධිධාරීන් සෘජුවම Chartered IT Professional (CITP) සුදුසකම ලබාගනියි. එමෙන්ම මේ උපාධිධාරීන්ට BCS (MBCS) වෘත්තීය සමාජිකත්වය ද හිමිවෙයි. තවද මීට අමතරව පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු උපාධි ලබාගන්නා උපාධිධාරීන්ට Chartered or Incorporated Engineer (CEng or IEng) සුදුසුකම ද හිමිවෙයි.

තොරතුරු තාක්ෂණ වෘත්තිකයකුගේ උසස් අධ්‍යාපන සුදුසුකමක් වන බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ (BCS) උපාධිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වූ උසස්තම සුදුසුකමකි. සිසුන්ගේ තත්ත්වය සහ සේවායෝජකයන්ගේ උසස් තත්ත්වය පෙන්නුම් කෙරෙන දර්ශකයක් ලෙස හැඳින්විය හැකි මේ උපාධි සුදුසුකම පිරිනමන ආයතනයේ ස්වාධීනත්වය අනුව ද එහි වටිනාකම තක්සේරු වෙයි. මාස කිහිපයක් පුරා සිදු කළ සොයාබැලීම්වලින් පසු IIT වෙත මේ සුදුසුකම් ලාභී උපාධි වැඩසටහන් ක්‍රියාවට නැංවීමට අවස්ථාව හිමිවී ඇති අතර, එහි දී එම උපාධි වැඩසටහන ක්‍රියාත්මක කරන ආයතනයේ විස්තර, සම්පත්, ගුරු උපකරණ, පාඨමාලා වැඩකටයුතු ආදිය සම්බන්ධයෙන් සොයා බැලීමෙන් සහ එම අදාළ ආයතනයේ ආචාර්යවරුන් සහ සිසුන් අතර නිදහස් සම්මුඛ සාකච්ඡා කිහිපයක් ද පවත්වනු ලබයි.

නව අදහස දක්වන්න