අන්තරේ උද්ඝෝෂණයකට අධිකරණ නියෝගයක් | දිනමිණ

අන්තරේ උද්ඝෝෂණයකට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද(21) කොළඹ දී පැවැත් වීමට නියමිතව තිබු උද්ඝෝෂණයක් සඳහා අධිකරණ නියෝගයක් ලබා දී තිබේ.
 
කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම නියෝගය ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.
 
ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු චතුරංග වීරසේකරට සහ එම කණ්ඩායමට එරෙහිව මෙම නියෝගය ලබා ගෙන තිබේ.
 
මෙම උද්ඝෝෂණය සාමකාමීව හා නිත්‍යානූකූල අයුරින් පවත්වා ගෙන යෑමට හැකියාවක් ඇති නමුත්, ඒ තුළින් මහජනතාවට හා වාහනවලට බාධාවක්, අනතුරක්, කරදරයක් සිදු වන ආකාරයට මහා මාර්ගයේ ගමන් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්, නීතියානූකූල සේවයේ නියුක්ත තැනැත්තන්ට බාධා කරදර ඇති වෙන අයුරින් රජයේ කාර්යාලවලට සාමය කඩවන ආකාරයට බලහත්කාරයෙන් ඇතුළු වීම වැලකී සිටිය යුතු බවටත් මෙම නියෝගය නිකුත් කර ඇත.

නව අදහස දක්වන්න