යාපනයේ සංවර්ධන වැඩ රැසක් අගමැති අතින් ජනතා අයිතියට | දිනමිණ

යාපනයේ සංවර්ධන වැඩ රැසක් අගමැති අතින් ජනතා අයිතියට

යාපනය ප්‍රදේශයේ විශේෂ සංවර්ධන වැඩසටහන් කහිපයක් ජනසතු කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) එක් විය. යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට බලපාන පොදු ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක් විය. එහි දී පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ජනතා නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටලුවලට විසඳුම් ලබාදුන්නේය.

පලාලි ගුවන්තොටුපොළ කලාපීය සහ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් බවට පත් කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාගේ සහ ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමඟ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

අනතුරුව ගුවන්තොටු පොළෙහි ගුවන් පථය නිරීක්ෂණය කිරීම සඳහා ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

අනතුරුව කරවෙඩ්ඩි, උඩුප්පිඩ්ඩි ප්‍රදේශයේ මාර්ග උපදේශන, සවිබලගැන්වීම් සහ නායකත්වය යටතේ අභ්‍යන්තර අවතැන්වූවන් සහ නැවත පැමිණෙන සරණාගතයන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන හිමිකරු විසින් මෙහෙය වන නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදි කළ නිවාස යෝජනා ව්‍යාපෘතිය ජනසතු කිරීම සඳහා ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදි කළ ඉන්දීය සංස්කෘතික ශාලාව නිරීක්ෂණය කිරීම සඳහා අගමැතිවරයා එක් විය. එම ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 1800ක් වැය කොට තිබේ.

අසේල ලියනගේ
ඡායා­රූ­පය හිරන්ත ගුණ­ති­ලක

නව අදහස දක්වන්න