දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි | දිනමිණ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද(05) සහ හෙට(06) යන දෙදින තුළ වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත. දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ උපදෙස් මත නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සිසිර විතානගේ මහතාගේ අත්සනින් යුතු ලිපියක් එම මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කළ බවයි වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල මහතා සඳහන් කළහ ඇදිරි නීතිය ඉවත් කෙරෙන ලබන 6 වනදා සහ ඊට පෙර දින අතිවිශාල ජනතාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමත් සමඟ වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වාදී තිබේ. ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අලෙවි කිරීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කර ඇති බව ද වෙළඳ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බව සදහන්ය.

නව අදහස දක්වන්න