මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 4,5,6 දිනවල දී | දිනමිණ

මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 4,5,6 දිනවල දී

මිහින්තලා - ලේකහවුස් ආලෝක පූජාව මෙවරත් ජුනි 4,5,6 තෙදින ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 4 වැනිදා ආරම්භ කෙරෙන මෙම පුණ්‍යාත්සවයට පොසොන් පොහෝ දා (5) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක් වීමට නියමිත ය.

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසනා පරිදි සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ පි.දයාරත්න මහතාගේ උපදෙස් පරිදි ආලෝක පුජා පුණ්‍යාත්සවය සිදු කෙරේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහගත්වයෙන් පවත්වන ලේක්හවුස් ආලෝක පුජා පුන්‍ය උත්සවය සදහා ඩයලොග් ආයතනය බැතිබර දායකත්වය ලබා දෙයි.

ආරෝග්‍යා පරමාලාභා යන තේමාව කරගත් මෙවර රාජ්‍ය පොසොන් මහා පිංකම නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් ද සංවිධාන කර තිබේ. රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමග මෙවර පොසොන් මහා පිංකම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කිරිමට කටයුතු යොදා ඇත.

මෙම උත්සවයේ අවසන් දින(06)රාජ්‍ය පොසොන් කමිටු සභාපති හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආලෝක පුජා මහා පිංකම විවෘත කෙරේ.

අමිල ප්‍රභාත් වනසිංහ-අනුරාධපුර අතිරේක

නව අදහස දක්වන්න