එජාපයට පණ දෙන්න ක්‍රියාකාරීන්ගේ අදහස් විමසයි - එජාප නියෝජ්‍ය නායක | දිනමිණ

එජාපයට පණ දෙන්න ක්‍රියාකාරීන්ගේ අදහස් විමසයි - එජාප නියෝජ්‍ය නායක

ශිරෝමි අබයසිංහ

එජාපය නැවත ශක්තිමත්ව ගොඩනැඟීම සඳහා පක්ෂ ක්‍රියාකාරීන්ගේ අදහස් ලබා ගැනීම මේ වන විට සිදු කරන බවත් ලබන වසරේ ජනවාරියේදී එම අදහස් හා යෝජනාවලින් ශක්තිමත් කරන ලද ජාතික සැලැස්මකට අනුව පක්ෂ යන්ත්‍රණය ක්‍රියාත්මක කරන බවත් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් නැවත ශක්තිමත් ලෙස ගොඩනැඟීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් සිදු කෙරෙන දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ හතර වැනි දිස්ත්‍රික් වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

රජය අධිකරණයේ ස්වාධීනත්වය අහිමි කරමින් බඩු මිල ඉහළ දමමින් ඒකාධිපති බලය තහවුරු කර ගැනීමේ ගමනක් යන බව ද හෙතෙම පැවැසීය.

මේ නිසා සැබෑ ලෙසම ෆේල් වී ඇත්තේ මේ රජය බලයට පත් කිරීම සඳහා ඡන්දය දුන් හැට නම ලක්ෂයක ජනතාව ප්‍රමුඛ සමස්ත රට වැසියන් බවත් ඒ මහතා කීවේය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විශාල බලයක් ගොඩනඟාගෙන ඇති වත්මන් ආණ්ඩුව පරාජයට පත් කිරීම සඳහා සියලු බලවේග ඒකරාශී කර ගනිමින් පුළුල් සන්ධානයක් ගොඩනැඟිය යුතු බවත් කීය. එමෙන්ම අය වැය යෝජනාද මේ වන විට යථාර්ථයක් කර ගැනීමට ආණ්ඩුවට නොහැකිවී ඇති බවත් පෙන්වා දුන් නියෝජ්‍ය නායකවරයා ඉදිරි වසරේදී රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වන බවත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න