උතුරු ජපානයේ දැවැන්ත හිම කුණාටුවක් | දිනමිණ

උතුරු ජපානයේ දැවැන්ත හිම කුණාටුවක්

- වාහන 130කට වැඩි ප්‍රමාණයක් අනතුරේ
- 10කට තුවාල

උතුරු ජපානයේ ඇතිවූ දැවැන්ත හිම කුණාටුවක් නිසා කාර් රථ 130කට වැඩි ප්‍රමාණයක් අනතුරට ලක් වී එක් අයකු මියගොස් 10 දෙනෙකු තුවාල ලබා ඇත. මියාගිහි ටොහොකු අධිවේගී මාර්ගයේ ඊයේ (19) මධ්‍යහනය වන විට හිමවලින් වැසී ගිය බව වාර්තා සඳහන් කරයි. 200කට වැඩි පිරිසක් මේ වාහන පොකුරට හසු වී සිටි අතර මුදාගැනීමේ සේවකයන් වහාම සිද්ධිය වූ ස්ථානයට පැමිණ තිබේ. පසුගිය සති කීපයේදීම ජපානයට හිම කුණාටු පතිත වූ අතර ඇතැම් ප්‍රදේශවල සාමාන්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක් හිමපතනය වී තිබේ.

නව අදහස දක්වන්න