ව්‍යාජ වෛද්‍යවරියක අත්අඩංගුවට | දිනමිණ

ව්‍යාජ වෛද්‍යවරියක අත්අඩංගුවට

මහනුවර රෝහලේ වෛද්‍යවරියක් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මහනුවර පොලීසිය විසින් ඊයේ (22) දිනයේදී 47 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබේ.
 
මෙම  වෛද්‍යවරිය පොලීසියට පැමිණිලිකර තිබුණේ තමාගේ නමින් වෛද්‍ය ලියාපදිංචි සහතිකයක් සකස්කරගෙන ඇති තැනැත්තියක විසින් වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන බවය. 
 
මහනුවර පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
 
මෙම කාන්තාවට අන් අයෙකු ලෙස පෙනී සිට වංචා කිරීමේ චෝදනාව එල්ල වී ඇත
 
 

නව අදහස දක්වන්න