බටුවන්හේන රජමහ විහාර මාවතට කාපට් | දිනමිණ

බටුවන්හේන රජමහ විහාර මාවතට කාපට්

ඇල්පිටිය බටුවන්හේන රජමහ විහාර මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) ආරම්භ කරනු ලැබීය. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ ඉල්ලීම මත ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශය මඟින් දුන් රුපියල් මිලියන 12.5ක මුදල් ප්‍රතිපාදන වැය කර කිලෝමීටර 1.75ක් වූ මේ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කෙරේ. මීට පෙර පැවති යහපාලන රජය යටතේ එවකට මේ ප්‍රදේශය නියෝජනය කළ අමාත්‍යවරයකු වූ ගයන්ත කරුණාතිලක මහතාගේ ඉල්ලීම පරිදි "රන්මාවත" යෝජනා ක්‍රමය යටතේ කාපට් අතුරා මේ මාර්ගය සංවර්ධනය කරන බවට මාර්ගය ආරම්භ වන ස්ථාන දෙකේ ඔවුන්ගේ ඡායාරූප සහිත විශාල පුවරු සවිකර වැඩ ආරම්භ කළත් ඒවා පුවරුවලට පමණක් සීමා වූ බව ප්‍රදේශවාසීහු පවසති. පසුව පැවැති මැතිවරණ සමයේ මැතිවරණ නීති මත එම පුවරු පොලිසිය මඟින් ඉවත් කර තිබිණි. ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයත් ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයත් යා කෙරෙමින් වැටී ඇති මේ මාර්ගය ප්‍රධාන මාර්ග අවහිරතාවලදී නගරයට යා හැකි විකල්ප මාර්ගයක් ලෙසද භාවිත කෙරේ.

අයි. එම්. වී. සී. ගුණසේකර - ඇල්පිටිය සමූහ

 

නව අදහස දක්වන්න