සයිබර් අපරාධ | දිනමිණ

සයිබර් අපරාධ

ලෝකයේ බොහෝ රටවල් නුතනය වන විට සයිබර් අවකාශය තුළ පුළුල් වශයෙන් සැරිසරයි. එම රටවල් අතරින් ශ්‍රී ලංකාව ද බහුල වශයෙන් එහි සැරිසරනු ලබයි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක් සයිබර් අවකාශයේ සැරිසැරිම තුළින් ප්‍රතිලාභ රැසක් අත්පත් කර ගැනීමට හැකියාවක් ලැබේ. නමුත් එහි අවසනාවන්ත තත්තවය වන්නේ ශ්‍රී ලංකාවේ දිනෙන් දින සයිබර් අපරාධ ඉහළ යාමයි. එම අපරාධවලට ගොදුරක් නොවිමට නම් සයිබර් අපරාධ පිළිබඳ ව දැන ගෙන සිටිම ඉතා වැදගත් වේ.

සයිබර් අපරාධයක් ලෙස හඳුන්වනු ලබන්නේ වංචා කිරීම, ළමා කාමුක දර්ශන හා බුද්ධිමය දේපළ වෙළෙඳාම් කිරීම, අනන්‍යතා සොරකම් කිරීම හෝ පෞද්ගලිකත්වය උල්ලංඝණය කිරීම වැනි නීති විරෝධී අරමුණු සඳහා පරිගණකය මෙවලමක් ලෙස භාවිතා කිරීමයි. වර්ථමානය වන විට සයිබර් අපරාධ සඳහා සංගත තැටි හා ජංගම දුරකථන භාවිතා කරනු ලබයි.

මෙම අපරාධ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී එය විවිධ ක්‍රම ඔස්සේ සිදු කරනු ලබයි. ඒ අනුව සයිබර් අපරාධ නොයෙකුත් ප්‍රභේදයන් දැක ගැනීමට හැකියාවක් පවති. එහි දී සයිබර් අවකාශය තුළ සිදුවන නිරන්තර ලුහුබැඳිම් එම අපරාධ මූලික තැනක් ගනු ලබයි. එම අවකාශය තුළ පුද්ගලයා නිතර ගැවසෙන හා පරිහරණය කරන ස්ථාන ලුහුබැඳීම සහ එම ස්ථානවල පුද්ගලයාට දැකිය හැකි වන පරිදි යම් තර්ජනාත්මක පණිවිඩ සටහන් කර තිබිම සයිබර් අපරාධයකි. සයිබර් ලුහුබැඳීමේ තත්තවය වැඩි වශයෙන් සිදු වන්නේ මුහුණු පොත මඟිනි. මෙවැනි ලුහුබැඳිම් හේතුවෙන් පුද්ගලයන් මානසික වශයෙන් වෙහෙසට පත් කරයි. එම නිසා ඇතැමුන් සිය දිවි නසා ගැනීමට පෙළඹනු ලබයි.

අපහාස කිරීම ද සයිබර් අපරාධ ගණයට අයත් වේ. සයිබර් අවකාශය භාවිතා කරමින් යම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් වෙත අපහාසයක් සිදුවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම මඟින් සයිබර් අපරාධ සිදු කරයි. විශේෂයෙන් සමාජයේ සිටින ප්‍රසිද්ධ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අපහාස අපරාධ සිදු කරනු ලබයි. එසේම සමාජ මාධ්‍ය ජාල හරහා අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප සංසරණය කිරීම සයිබර් අපරාධයක් ලෙස සැලකේ. බොහෝ අවස්ථාවල දී පාසල් දැරියන්ගේ හා කාන්තාවන්ගේ වීඩියෝ හා ඡායාරූප සමාජ මාධ්‍යජාල තුළ සංසරණය කරනු ලබයි. එම ක්‍රියාවලිය හරහා දරුන් හා කාන්තාවන් කාම අපරාධකරුවට බව ද පත් වනු ලබයි. එසේම ඇතැම් අවස්ථාවල දී පිරිමි දරුවන් පවා මේ හරහා අයහපත් ලිංගික වර්යාවන්ට යොමු වෙයි.

තව ද සමාජ මාධ්‍යජාල විකෘති කළ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය කිරීම හා බුද්ධිමය දේපළ හොරකම් කිරීම ද සයිබර් අපරාධ ‍ලෙස හැඳින්වේ. විවිධ ආයතන, පුද්ගලයන් සමාජ ජාලා හරහා දැනුම බෙදා හැරිනු ලබයි. ඇතැම් පිරිස් එම දැනුම ගැබ් වී ඇති ඡායාරූප, වීඩියෝ පට හා ලේඛන අවසරයකින් තොරව සොරා ගනු ලබන අතර එය බුද්ධිමය දේපළ හොරකම් කිරීමක් ලෙස සැලකේ. එමෙන්ම ගිනුම් හැක් කිරීම ද සයිබර් අපරාධයක් ලෙස සැලකේ.

ඒ අනුව සමාජ මාධ්‍ය පරිහරණය කරන පුද්ගලයන්ගේ ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වී ඒවායේ දත්ත සොරකම් කිරීම, ඒවා අනවසරයෙන් භාවිතා කිරීම හා අන් අයගේ ගිණුම් නීතිවිරෝධි කටයුතු සඳහා යොදා ගැනීම ගිණුම් හැක් ලෙස හඳුන්වනු ලබයි. ඒ සඳහා විවිධ ක්‍රම භාවිතා කරයි.

මෙම සයිබර් අපරාධවලට ගොදුරු වු පුද්ගලයන් ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් පවති. නමුත් සයිබර් අපරාධවලට ගොදුරු වන පුද්ගලයන් බොහෝ අවස්ථාවල දී එම තොරතුරු අනාවරණය නොකරයි. ලැජ්ජාවට පත්වීම, නඩුවලට සම්බන්ධවීමට අකැමැතිවීම හා තර්ජනයට බියවීම එයට හේතු වේ. ‍ඒ තුළින් සයිබර් අපරාධකරුවන් බහුලවීම හා ඔහුට නිදැල්ල සිටිමට අවස්ථාව හිමි වනු ලබයි. එම නිසා සයිබර් අපරාධ අවම කිරීම සඳහා එවැනි අපරාධ පිළිබඳව අදාළ ආයතනවලට පැමිණිලි කිරීම ඉතා වැදගත් වේ.

එහි දී සයිබර් අපරාධ පිළිබඳ‍ව ප්‍රථමයෙන්ම පැමිණිලි කළ යුත්තේ තමා ළඟම ඇති පොලිස් ස්ථානයටය. පොලිස් ස්ථානයේ තිබෙන සයිබර් අපරාධ අංශය හා අන්තර්ජාල අපරාධ පිළිබඳ ව පැමිණිලි කිරීමේ මධ්‍යස්ථානයට එම පැමිණිලි ඉදිරිපත් කළ යුතු ය. තව ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) වෙත සයිබර් අපරාධ සම්බන්ධව පැමිණිලි කිරීමට පුළුවනි. මෙම සංසදය ශ්‍රී ලංකාව තුළ සිදුවන සයිබර් අපරාධ සම්බන්ධව පරීක්ෂණ කරන ප්‍රධාම ආයතනයයි.

එසේ ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද එම පැමිණිලි ඉදිරීපත් කිරීමට හැකියාවක් පවති. කොළඹ එහි ඇති ප්‍රධ‍ාන කාර්යාලයට මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණිලි කිරීමට හැකියාවක් තිබේ.

මෙසේ පැමිණිලි කිරීමෙන් පසු ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සයිබර් අපරාධ පිළිබඳ ව පනත් කිහිපයක්ම පවතී. මෙරට තුළ පරිගණක භාවිතා කරන පිරිස ඉහළ යාමත් සමඟ 90 දශකයේ සයිබර් අපරාධ නීතිය හඳුවා දී තිබේ.

කොතරම් නීති පැවති ද සයිබර් අපරාධකරුවන්ගේ උගුල්වලට හසු නොවීම ඉතා වැදගත් වේ. ඒ සඳහා ඔබ අනුගමනය කළ යුතු පියවර කිහිපයක් පවති. එහි දී මුර පදය ඇතුළත් කරන වෙබ් අඩවිවල දී එය HTTPS ලෙස ආරක්ෂාව තහවුරු කළ වෙබ් අඩවි ද යන පිළිබඳ ව සැලකිලිමත්වීම මූලික පියවරකි. තව ද ඔබ නොයෙකුත් ගිණුම්වලට භාවිතා කරන මුර පද ඉතා ආරක්ෂිත මුරපද යොදා ගැනීමට හා මුර පද කිසිවෙකුට ලබා නොදීමට වගබලා ගත යුතු ය. වි‍ශේෂයෙන්ම මුර පද යෙදීමේ දී නම්, උපන් දින හා අන් අයට අනුමාන කළ හැකි මුර පද යොදා නොගැනීම ඉතා වැදගත් වන අතර අනුමාන කළ නොහැකි අකුරු, සංකේත මෙන්ම ඉලක්කම් මිශ්‍ර වඩාත් ආරක්ෂික මුර පද භාවිතා කිරීම තවත් පියවරකි.

එමෙන්ම ඔබ නොදන්නා පුද්ගලයන්ගෙන් ලැබෙන විද්‍යුත් තැපෑල් පණිවිඩ විවර නොකිරීමට වගබලා ගත යුතු ය. තව ද Facebook, WhatsApp, Twitter, Instagram වැනි නොයෙකුත් සමාජමාධ්‍ය භාවිතා කිරීමේ දී අනවශ්‍ය පුද්ගලයන්ට තම පෞද්ගලික තොරතුරු ලබා නොදීමට ඔබ මතක තබා ගත යුතුය.

 

තිමාලි

කස්තුරිආරච්චි

 

 

නව අදහස දක්වන්න