දකුණු කොරියාවේ ට්‍රක් රථ රියැදුරු වර්ජනයෙන් තෙල් පිරවුම්හල් පාළුවට යයි | දිනමිණ

දකුණු කොරියාවේ ට්‍රක් රථ රියැදුරු වර්ජනයෙන් තෙල් පිරවුම්හල් පාළුවට යයි

වැටුප් අර්බුදයක් මුල් කර මින් දකුණු කොරියාවේ ට්‍රක් රථ රියැදුරන් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙන් රට පුරා පිරවුම්හල් 100කට ආසන්න ප්‍රමාණයක් ඉන්ධන නොමැතිව පාළුවට ගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. එම රියැදුරන්ගේ සහායට වෘත්තීය සමිති ද එක්ව සිටින බැවින් තත්ත්වය බරපතළ වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. එරට වෘත්තිය සමිති සහ රජය අතර සාකච්ඡා වට කිහිපයක් පැවැතියද ඉන් කිසිදු ප්‍රගතියක් නොලැබී ඇති අතර, වර්ජනයට සහාය පළ කරමින් පාගමනක් ද සැලසුම් කර තිබේ. මේ වන විට එරට ඉන්ධන පිරවුම්හල් 100ක පමණ ඉන්ධන අවසන් වී ඇතැයි ද වාර්තා වේ.

නව අදහස දක්වන්න