උ/පෙළ පිළිතුරුපත් සමීක්ෂණය අවසන් අදියරේ
මේ වන විට උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණයේ අවසන් අදියරට පැමිණ සිටින අතර, එය අවසන් වූ වහා සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂණය ආරම්භ කරන බවත්, 2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයද මේ වර්ෂාවසානයට පෙර පවත්වන අතර, දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2024 වර්ෂයේ මුල් කාර්තුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (7) පාර්ලිමේන්තුවේදීය. මේ විභාග සංවිධාන කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් නියමිත පරිදි සිදු කරන අතර, සාමාන්‍ය පෙළ ඇතුළු වෙනත් විභාග අපේක්ෂකයන්ගේ තොරතුරු බාහිර පාර්ශ්වයකට දීම අත්හිටුවන ලෙස සියලු පළාත් හා කලාප කාර්යාලවලට දන්වන බවත් ඇමැතිවරයා මෙහිදී පැවසීය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේ, සිසුන්ට වෘත්තීය පුහුණුව දීමේ වැඩසටහන් සංවිධානය කරගැනීම, වෙනත් බාහිර පාර්ශ්වයක මැදිහත් වීමක් නැතිව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සමඟ එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයට පාසල් පද්ධතිය තුළදීම ස්වාධීනව සිදු කරගත හැකි බවයි.
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර