Home » ජනපති මැඳුරෙන් අරගලකරුවන් ඉස්සූ නිල ලාංඡන ආපසු නොදුන්නොත් නඩු

ජනපති මැඳුරෙන් අරගලකරුවන් ඉස්සූ නිල ලාංඡන ආපසු නොදුන්නොත් නඩු

අවසන් දිනය ජූලි 31

by admin
July 10, 2023 10:14 am 0 comment

ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු නිල ලාංඡන (Coats of Arms) යම් පුද්ගලයකු සතුව පවතින්නේ නම් ජූලි 31 දිනට පෙර ඒවා ජනාධිපති කාර්යාලය වෙත භාර දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලා සිටී.

2022.07.09 දින සිට 2022.07.14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන එහි රැඳී සිටි කාල සීමාවේ ජනාධිපති මන්දිරය තුළ පැවති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ රැසක් අතුරුදන් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) ගණනාවක් ඒ අතර වෙයි.
නීති විරෝධි ලෙස රාජ්‍ය දේපළ තමා සතුව තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ කාලසීමාවෙන් පසු එම නිල ලාංඡන යම් පුද්ගලයකු හෝ ආයතනයක් සන්තකයේ තබාගත හොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.
තවද, මේ පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් 0112354354 දරන දුරකතන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටින ජනාධිපති ලේකම්වරයා, ජාතික වැදගත්කමකින් යුතු මේ නිල ලාංඡන සොයාගැනීමට මහජනතාව දක්වන සහාය ඉතා අගය කොට සලකන බව සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT